උපකුලපති තරහ වෙලා...
ජුනි 20 වෙනිදා යනු මෙරට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ අධ්‍යාපනය හදාරන, අධ්‍යාපනය හැදෑරු කෙනෙකුට කිසිදා මතකයෙන් ගිලිහිය නොහැකි දිනයකි. එය අමතක වී නම් ඔහුගේ හෝ ඇයගේ මතකය පිලිබඳ යලිත් වතාවක් සිතා බැලිය යුතුය.
සෑම වසරකම ජුනි 20 යනු තමන් නොදුටු පරපුරක අධ්‍යාපන අයිතියක් වෙනුවෙන්, සමස්ථ සමාජයක ඉදිරි ප්‍රගමනය උදෙසා ස්වකීය සුඛවිහරණය පසෙක තබා ජීවිත පරිත්‍යාගයෙන් පෙරගමන් ගිය ආදරණීය සහෝදර පිරිසක් සැමරීම උදෙසා සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම ශිෂ්‍ය වීර දිනය ලෙස සම්මත කොට ගෙන ඇති දිනයයි.
නමුත් අද වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හෝ උසස අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ඇතැම් ආචාර්යවරුන්ට හා පරිපාලන නිලධාරීන්ට තමන් අද සිටින තැන සිටින්නේ ඇතැම් විට තමන් සමග සිටි සගයන්ගේ ජිවිත පරිත්‍යාගය, උපාධිය, ශිෂ්‍යභාවය, පන්ති සමාර්ථය අහිමි වීම තුල බව අමතකව ගොස් ඇත.මේ නිසා ජුනි 20 දියරුවක් බවට පත් කිරීමේ අදහසින් රජරට සරසවියට ගෙන එන "ගමයි - සරසවියයි 2013 " වැඩසටහනට සහය නොදීමට මහා ශිෂ්‍ය සංගමය ලෙස අපි තීරණය කළෙමු. ඊට හේතු වූ කාරනා පිලිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සහ ඊට සමබන්ධ විනය පරීක්ෂණය පිලිබඳ "ගමයි-සරසවියයි", "ගමත් නෑ - සරසවියත් නෑ" ලිපිය මගින් අවධාරණය කළෙමු.

ආචාර්යතුමනි,ආචාර්යතුමියනි , ඔබටද මතක් කල යුතු කාරණයක් ඇත. මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය මාස තුනක් තිස්සේ වසා දමා තිබියදී පවා පසුගිය වසරේ ඔබ අප අරගලයක නිරත වූ බව මතකයේ ඇතැයි සිතමි. විශ්වවිද්‍යාල තුල ස්වාධීනත්වය තහවුරු කිරීම එහි එක් සටන් පාඨයකි. උපකුලපතිවරයාගේ මේ තීරණ එය සනාථ කිරීමක්ද? රජය සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් සිදු කරන ඒකාබද්ධ ප්‍රකාශය පීඨ මණ්ඩලය තුල සාකච්ඡාවට බදුන් කර ඇතිවා සේම, අද වන විට විශ්වවිද්‍යාල පරිපාලනයට එල්ල වන අනවශ්‍ය මැදිහත් වීම්, ශිෂ්‍ය නායකයින්ට එල්ල වන තර්ජන පිලිබඳවද, ශිෂ්‍ය මර්දනය පිළිබඳවද සාකච්ඡාවට ගැනීම යුක්ති සහගත නොවන්නේද?
0 comments:
Post a Comment