වැරදීමකින් කලු සාරියක් ඇන්ද අචාර්යවරියට සරසවිය එපා කරවයි. පරිපාලනයේ මහත්තුරු හත් පොලේ ගා ගනී.
ජුනි 20, රජරට කුමන්ත්‍රණය
මේ වන විට හෙළි වී හමාරය. පන්ති තහනමට අදාළ සියළු චෝදනා අමු අමුවේ සමාජය ඉදිරියේ බොරු වී
අවසන්ය. එහෙයින් උපකුලපතිවරයා පීඨාධිපතිවරුන් ඇතුළු පරිපාලනයට කරගැනීමට දෙයක්
නොමැතිව අසරණව සිටී. ආණ්ඩුවේ උවමනාවට තමන් ඇටවූ උගුලේ තමන්ම හිරවී සිටින ඔවුන් ගැටලු
විසඳනවා වෙනුවට හත් පොලේ නොව දහ අට පොලේ ගා ගනිමින් සිටිති. තමන් කරන්නේ කියන්නේ බොරු බව
ඔවුන් දනිති. නමුත් ඒ බව පිළිගැනීමට තරම් නිහතමානී කමක් නොමැතිකම හේතුවෙන්ද,
ඔවුන්ට ඊට ඉහලින් එල්ලවන පීඩනය හමුවේ ඊට එරෙහි වීමට තරම් පිට කොන්දක් නොමැති කම
හේතුවෙන්ද තමන්ගේ බේරීමට අනුන්ව ගොදුරු කරගනිමින් සිටිති.
අසාධාරණයට එරෙහි වීම
හේතුවෙන් ශිෂ්‍යයන්ට දඬුවම් දීම සරසවි
පරිපාලනය විසින් සාමාන්‍ය දෙයක් බවට පත් කර ඇත. නමුත් අසාධාරණයට එරෙහි වුවා දෝ සැක
කර අචාර්යවරියකට දඬුවම් දීමේ සිද්දියක් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික
විද්‍යා පීඨයෙන් වාර්තා වේ.
වාර්තා වන ආකාරයට
සිද්දිය මෙසේය. ජුනි 20 කුමන්ත්‍රණයේ ප්‍රතිපලයක් ලෙස අසාධාරණ ලෙස සිසු නායකයින්ට
දුන් පන්ති තහනමට විරෝධය පළකරමින් පසුගිය දිනෙක ශිෂ්‍යයන් විසින් කලු පටි
විරෝධතාවක් පවත්වන ලදී. මෙහිදී සමහර සිසු
සිසුවියන් විසින් එදින කලු පැහැති ඇඳුම් ඇඳීමට තීරණය කර තිබිණි. ව්‍යවහාරික විද්‍යා
පීඨයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උගන්වන අචාර්යවරියකද එදින සරසවියට පැමිණ ඇත්තේ
කලු පැහැ සාරියකින් සැරසීය. එය ඇය විසින් හිතා මතා විරෝධතාවයට සහය දීමට සිදු කරන
ලද්දක් නොව ඇය විසින් සාමාන්‍යයෙන් අඳින සාරියක් වන අතර එදිනම සිසුන් විසිනුත් කලු පැහැති ඇඳුම්
ඇඳීම අහඹු සිදුවීමක් විය. නමුත් තමන්ගේ කැරැට්ටුව එළිවේ යයි බියෙන් සැමදෙයක් දෙසම
සැකයෙන් බැලීමට පුරුදු වී සිටින විශ්වවිද්‍යාල පාලකයන් සිතුවේ මෙය ඇය විසින් ශිෂ්‍යයන්ට
සිදුවූ අසාධාරණයට එරෙහිව සිදුකල කටයුත්තක් බවයි. එබැවින් සැමවිටම තමන්ගේ සැබෑ ප්‍රතිරූපය
එළිවේ යයි බියෙන් ඕනෑම අවස්ථාවක ඕනෑම නින්දිත පහත් ක්‍රියාවක් සිදුකිරීමට
සුදානමින් සිටින ව්‍යවහාරික විද්‍යා පීඨ
පරිපාලනය ඇතුලු විශ්වවිද්‍යාලයේ බලධාරීන් ඇයට විශ්වවිද්‍යාලය හැර යන තුරුම
අඩම්තේට්ටම් කර ඇත. මේ වන විට සරසවිය හැර ගොස් සිටින ඇයට විශ්වවිද්‍යාලයේ
අවිචාරශිලී, නිවට පාලකයන් පිලිබඳ කළකිරී
ඇති අතර නැවත කිසි දිනක ඇය කිසිම විශ්වවිද්‍යාලයක සේවය නොකරන්නට තීරණය කර ඇත.
මෙම සිදුවීමෙන් අපට අවබෝධ
කරගත හැකි කරුණු රාශියකි. මූලිකම කාරණයනම් සිසුන්ට පමණක් නොව තරාතිරමකින් තොරව
විශ්වවිද්‍යාලයේ කිසිම අයෙකුට ස්වාධීනත්වයකින් යුතුව කටයුතු කිරීමට අයිතියක්
නොමැති බවයි. එනම් සමාජයේ උසස් පිරිසකැයි කියනා අචාර්යවරුනට පවා “ඉහලින් එන”
පීඩනයකට යටත්ව ජිවත් වීමට සිදු වී ඇති බවයි. ඔවුනට අවනතව සුවච කීකරු “බලු කුක්කන්”
මෙන් සිටීමට කැමතිනම් ඕනෑම කෙනෙකුට සරසවිය තුල දිවි ගෙවීමට “නිදහස” ඇති අතර සැබෑ
මිනිසුන් මෙන් දෙපයින් සිටගන්නන්ට සරසවිය තහනම් කලාපයක් වේ.
ඇය විසින් කලු සාරියක්
ඇන්දේ වැරදීමකින් වුවද සැබවින්ම සිසුන්ට සිදුවී ඇති “අහස පොලොව නුහුලන” අසාධාරණයට
විරුද්ධව යම් ආචාර්යවරයෙකු හෝ ආචාර්යවරියක හඬ අවදි කරන්නේ යයි සිතන්න. එවන්
අචාර්යවයෙකුට හෝ අචාර්යවරියකට අත් වන ඉරණම
මෙමගින් මැනවින් ආදර්ශනය කර නොමැතිද?
එසේනම් මෙම සිදුවීම මඟින් අචාර්යවරුන්ටද පාලකයන් විසින්
පණිවිඩයක් දී ඇත. “ ළමයි විතරක් නෙමෙයි අපිට උඹලත් එකයි, අපිට කවුරු උනත් වෙනසකුත්
නෑ කාගෙන්වත් වැඩකුත් නෑ, අපි කරන කියන දේවල් ඉවසගෙන අපිට ඕනේ විදියට ඉන්න
පුලුවන්නම් ඕනේ එකෙක්ට මේකේ ඉන්න පුළුවන්, නැත්තං පලයල්ලා..” යන්නයි.
ඒ ඔවුන් දෙන පණිවිඩයයි. අසාධාරණයට ලක්වුයේ ආචාර්යවරුන්ගේ සගයෙකි, ඔවුන්ගේ සහෝදරියකි.
එබැවින් ආචාර්යවරුනට මෙම පණිවිඩය හමුවේ දැක්විය හැකි ප්‍රතිචාරයන් වර්ග දෙකකි.
එබැවින් ආචාර්යවරුනට මෙම පණිවිඩය හමුවේ දැක්විය හැකි ප්‍රතිචාරයන් වර්ග දෙකකි.
2)
“උඹලා කියන කියන විදියට
ඉන්න අපි ලැස්ති නෑ. අපි සාධාරණය වෙනුවෙන් ඕනෑම අභියෝගයක් හමුවේ පෙනී ඉන්නවා, ඒ
වෙනුවෙන් සටන් කරනවා..”
සිසුන් ලෙස අපනම්
ඔවුනට සැමවිටම ලබා දුන්නේත් ඉදිරියට ලබා දෙන්නෙත් දෙවන පිළිතුරයි. පසුගිය වසරේ මෙම
කාලයේ අපගේ ආදරණීය සටන් සගයන් වූ ආචාර්යවරුන්ගේ පිළිතුර කුමක්දැයි අපි බලා සිටිමු.
0 comments:
Post a Comment