රටකජු, වඩේ, රොටි,
තේ,වතුර,වෙඩි, සල්ලි මැද මිනිස්සු
“මාධ්‍ය වලින් අපිට
කියන්නේ බොරු පුතේ, ඔයාලා හරි මෙහෙම කරන එක හොඳයි, ගම් වලට ඇවිත් මෙහෙම කතා කරන එක
තමයි හොඳ, රේඩියෝ එකේ ටීවී වල පත්තර වල තියන දේවල් ඇත්ත නෙවෙයි.
තේ එකක් බොමුද?
ආ...මේ රොටියක්
කන්න....”
වඩේ විකුණපු අන්කල්
බුස් එකේ ආසනයක වාඩි උනා.එදා වේල හොයාගන්න කර කර හිටපු වැඩෙත් නවත්තලයි වැඩි උනේ.
පත්‍රිකාව අතට අරන් හොඳට කියෙව්වා. කතා කරලා ඉවර වෙලා කැටේ අල්ලනකොට රුපියල් දහයක්
කැටේටත් දැම්මා....
සල්ලි දීලා ගත්ත
තම්බපු රටකජු බෑග් එකත් එක්කම තව එකක් දුන්නා,
“ආපු අනිත් ළමයින්ට
මේක දෙන්න ”
එක සිද්ධ වුනේ
දවල්.හවස වැඩේ ඉවර වෙලා එන්න ඔන්න මෙන්න වෙනකොට වචනයක්වත් කතා නොකරපු රටකජු මාමා ළඟටම
ඇවිත් රුපියල් දහයේ කොලයක් කැටේට දැම්මා....
“ආදරණීය අම්මේ
තාත්තේ,අයියේ අක්කේ, නංගියේ මල්ලියේ, සහෝදරයා සහෝදරිය අපි අන්තර් විශ්වවිද්‍යාලයිය
ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමිනුයි. අද දවසේදී මේ විදියට බස් රථවලට ගොඩ වෙලා අද
වෙද්දී අපේ රටේ පවතින තත්වය පිළිබඳ ඔබත් සමඟ පොඩි කතා බහක් ඇති කරගන්නයි.
අම්මේ තාත්තේ ඔබ
තමයි මේ රටේ බදු ගෙවන ජනතාව. ඔය බදු මුදල නිසා මේ බස් එකෙන් ගන්න ටිකට් එකේ ගාන
වැඩි වෙනවා, ඔබ ගන්න පරිප්පු සියේ ගාන වැඩි වෙනවා, හාල් කිලෝ එකේ ගාන වැඩි වෙනවා.
අවුරුද්දෙන් අවුරුද්ද මේ බස් ගාස්තුව වැඩි වෙනවා, බඩු මිල වැඩිවෙනවා හැබැයි ඔබේ
ජීවන තත්ත්වය ??? මොකටද මේ විදියට ඔබෙන් බදු
අය කරගන්නේ, ඔබේ දරුවට පාසලේ දී නොමිලේ අධ්‍යාපනය ලබා ගන්න, පාසල් පෙළ පොත් නොමිලේ
ලබා ගන්න, නිල ඇඳුම් ටික නොමිලේ ලබා ගන්න, ඉස්පිරිතාලෙට ගියාම වෛද්‍යවරයෙක්
මුණගැහිලා ලෙඩේ කියලා නියම කරන බෙහෙත් ටික නොමිලේ ගන්න, ඔබේ ආරක්ෂාව නොමිලේ ලබාගන්න.
හැබැයි අද වෙන්නේ
එකමද? ඔබේ දරුවා පාසලට ඇතුලත් කරපු දවසේ ඉඳලා ,ඇතුලත් වීමේ ගාස්තු, පාසල් සංවර්ධන
සමිතියට, පහසුකම් සේවා ගාස්තු, ආරක්ෂක සේවා ගාස්තු විදියට විශාල ගාස්තු ප්‍රමාණයක්
ගෙවන්න සිද්ද වෙලා. ඒ මදිවට පාසලේ අධ්‍යාපනයට අමතරව ටියුෂන් අනිවාර්ය වෙලා
තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔබට හම්බෙන සුළු පඩියෙන් මේ හැමදේටම මුදල් වෙන් කරන්න
වෙලා තියෙන එකයි, බරපතලම කාරණේ මේ හැමදේටම ඔබ මුලින් ගෙවීමක් කරලා තියෙනවා බදු
විදියට. කලින් ගෙවපු දේවල් ලබා ගන්න යද්දී ආයෙත් මුදල් ගෙවන්න වෙන එක සාධාරණද කියල
පොඩ්ඩක් හිතලා බලන්න.මේ වියදම් ගෙවා ගන්න බැරිව අපේ නංගිලා මල්ලිලා කී දෙනෙක්
පාසල් ගමන අතහැරලා ද? විශ්වවිද්‍යාල තත්ත්වෙත් මේකම තමයි, දැනුම හොයාගෙන යන්න
විශ්වවිද්‍යාලයට ආපු අපේ සහෝදරවරුන්ට සිද්ද වෙලා තියෙනවා, තමන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය
මුදල් හොයාගන්න පත්තර විකුණන්න, නැත්නම් වැඩබිමක වැඩ කරන්න, අවසානේ ගෙදරටත් කීයක්
හරි යවන්න. පාසල් 350 ක් ප්‍රතිපාදන නැතිව වැහිලා යනකොට ඒවාට වෙන් කරන්න මුදල්
නැති බලධාරීන්ට මුදල තිබිනා කෝටි ගණන් දීලා විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් මේ රටට
ගෙනල්ලා ක්‍රිකට් ක්‍රීඩා සංදර්ශන තියන්න. 4 ක් 6 ක් ගහනකොට පිට්ටනිය වටේ නටන්න
සුදු ජාතික කාන්තාවන් ගෙන්නන්න. පාසල් ටික වහලා දාලා ඔය කියන්නේ වෙන දෙයක් නෙවෙයි,
උඹේ තාත්ත පොල් කඩනවානම් උඹත්පොල් කඩපන්, කුඹුරු කරනවානම් උඹත් කුඹුරු කරපන් කියලා
නෙවෙයිද? හැබැයි එයාලගේ දරුවන්ට එක එහෙමද?
අපි එන්නම් ඔබේ ප්‍රදේශයේ
තියෙන තවත් ගැටලුවකට. ඔබ හැම දෙනෙක්ම දන්නවා උතුරු මැද පළාතටම වකුගඩු රෝග පිලිබඳ
අර්බුදයක් තියෙනවා. සමහර විට ඔබේ ප්‍රදේශයේ කෙනෙක් මිය ගිහින් රෝහලට අරන් ගියාම තම
දන්නෙ වකුගඩු රෝගයක් හින්දා එහෙම උනේ කියලා. මේ ප්‍රදේශයේ ජලය පිලිබඳ තියෙන ගැටලුව
නිසයි එහෙම උනේ. හැබැයි ඔබතුමාලා කතිරේ ගහලා නියෝජිතයෝ කරපු උදවිය කොළඹ ඉදන් මාධ්‍ය
සාකච්ඡා තියලා කියනවා උතුරු මැද පළාතේ ජාල අර්බුදය ගැන. කවදාවත් මිනිස්සු අතරට
ඇවිත් ප්‍රශ්නෙට විසදුමක් දුන්නේ නෑ.
අපේ රටේ රතුපස්වල
කයන ගම්මානේ ගම වැසියන් පහුගිය දවසක පාරට බැස්සා. මොකක්ද හේතුව ? ඒ ප්‍රදේශයේ
තිබුන කර්මාන්ත ශාලාවක විෂ රසායනික නිසා ඒ මිනිස්සු බොන වතුර ටික විෂ වෙලා, බොන්න
තියා ඇඟ හෝදන්න කරන්නවත් ගන්න බෑ. තමන්ට බොන්න වතුර ටික පිරිසිදුව දෙන්න කියලා
කියන්න පාරට බැස්සේ, එහෙම නැතිව ප්‍රාදේශීය සභාවට නම යෝජනා දෙන්න කිවුවේ නෑ, යාන
වාහන,ගෙදරට බඩු මුට්ටු ඉල්ලුවේ නෑ. අන්තිමට එයාලට වතුර හම්බුනාද? වතුර වෙනුවට
වටිනා ජිවිතයක් බිලි ගත්තා. අපි හිතාගෙන හිටියේ පොලිසිය ඉන්නේ අපේ ආරක්ෂාවට කියලා,
හමුදාව ඉන්නේ අපේ ආරක්ෂාවට කියලා, හැබැයි අන්තිමට එයාලම අපිට වෙඩි තිබ්බා, ගැහුවා.
තමන්ගේ අම්මා තාත්ත නියෝජනය කරන පන්තියට, තමන්ගේම සහෝදරයා සහෝදරිය නියෝජනය කරන
පන්තියේ මිනිස්සු ගහලා මරණ තැනකට ආරක්ෂක අංශ පත් කරලා. පාලකයෝම නිර්මාණය කරපු පාතලෙන්
බේරෙන්න තමයි අද ආරක්ෂක අංශ තියෙන්නේ, තමන් පවත්වාගෙන යන ගණිකා නිවාසෙට ආරක්ෂාව දෙන්න
තමයි ආරක්ෂක අංශ පවත්වාගෙන යන්නේ. ජනතාවගේ පොලිසිය අද පාලකයන්ගේ ආරක්ෂකයෝ වෙලා.
ආදරණීය අම්මේ,තාත්තේ ඔබේ ගමේ ප්‍රශ්නෙකට ඔබ පාරට බැස්සත් මෙදේම තමයි වෙන්නේ. මකාද
අපිට ඔය අත්දැකීම හොඳටම තියෙනවා. අධ්‍යාපන අර්බුදයට පාරට බහින බොහෝ වෙලාවල් වලදී අපිට
ගැහුවා අපේ පන්ති තහනම් කළා, අපේ සහෝදරවරු මරලා දැම්මා. ඒ නිසයි අපි කයන්නේ අපි
විතරක් මේකට සටන් කරලා හරි යන්නේ නෑ. අපි මේ දෙන අත් පත්‍රිකා නමලා බෑග් එකට
දාගන්න එපා. කියවන්න. අද ගෙදර ගිහින් ස්වාමිපුරුෂය එක්ක ඔබේ බිරිද එක්ක ,දරුවන්
එක්ක මේ ගැන කතා කරන්න. අසල්වැසියා එක්ක කතා කරන්න. ගමේ ගොවි සමිතියේදී මේ ගැන කතා
කරන්න, ධීවර සමිතියට මේ ප්‍රශ්නේ ගෙනියන්න. ඔබේ දරුවාගේ පාසල් සංවර්ධන සමිතියේ දී
කතා කරන්න, කියන්න තවත් සල්ලි ඉල්ලන එක නෙවෙයි අපේ දරුවන්ට හරියට උගන්වන්න කියලා.
එදාට පුළුවන් වෙයි අපි හැමෝම බලාපොරොත්තු වෙන මනුස්සකම තියෙන සමාජයක් හදන්න. තනි
තනි වෙන තරමට ඒ ගමන අපෙන් ඈත් වෙනවා ආදරණීය සහෝදරයා සහෝදරිය.
කැටයක් අරගෙන
දැනුවත් කිරීමට ආවේ ඇයි කියලත් කියන්නම්, උසස් පෙළ සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණයකටවත්
නිසි මුදලක් වෙන් කරන්නේ නැති පරිපාලනය මේවට මුදල් දෙයි කියලා හිතුවොත් විහිළුවක්.
අද මේ වදෙන් මේ ගමන නවත්තන අපිට බෑ.හැබැයි අත්පත්‍රිකාව මුද්‍රණයේ ඉදලා අපිට මුදල්
අවශ්‍ය වෙනවා. අපිඅ විශ්වවිද්‍යාලෙ කරන භෝ දේවල් වලට මුදල් හොයාගන්න එන්නේ ඔබ ලඟට.
ඔබ ඒ කැප වීම කරන බව අපිට විශ්වාස නිසයි. කැටේට කියක් හරි දැම්මා කියලා ඔබේ වගකීම
ඉවර වෙන්නේ නෑ. ඉස්සෙල්ලා අපි කිව්වා වගේ ඔබේ අයිතීන් වෙනුවෙන් හඬ නගන්න නැගී
හිටින්න කියන එකයි අපි අවධාරණය කරන්නේ. ඔබ සැමට ජය!!!”
නොදන්නවා නොවෙයි
කැටේට දැම්මේ අතේ තිබුන අන්තිම සිල්ලර ටික කියලා, ගෙදර ඉන්න පොඩි එකාට ලොසින්ජර
ගෙනියන්න තිබුන මුදල කියලා. උගුර ලේ රහ වෙනකල් කෑගහල විකුණපු එකේ ලාබෙ කියලා. සමහර
බස් එකට දීන තිබුන මුදල කියලා. පොඩි එක සෙල්ලම් බඩු ඉල්ලලා අඩද්දීත් අරන් නොදී
ඉතුරු කරන්න කියල තියාගත්තා මුදල කියලා.
ආදරණීය අම්මේ
තාත්තේ,අයියේ අක්කේ, නංගියේ මල්ලියේ, සහෝදරයා සහෝදරිය අපේ සටන් මඟ වැටී ඇත්තේ මේ
සමස්ත සමාජයේම ජිවත් වන අය උදෙසාය. ඒ සටනට නුඹේ කාසි වලට වඩා නුඹේ සිනාව අපිව ඉදිරියට
ගෙනාවා. නුඹේ දහදිය කදුළු ජිවය දුන්නා. ඉගෙන ගත්තේ ඔබ දුක් මහන්සියෙන් හැම කරපු
එකෙන් බව අමතක නොවූ නිසයි අපි තවමත් සටන් මගෙහි පා තබන්නේ. ඔබත් එකතු වුනු දවසට අපි
අපේ සටනේ ජය කණුව කරා ළඟ වේවි. ජය වේවා!
සටනට නුඹේ කාසි වලට වඩා නුඹේ සිනාව අපිව ඉදිරියට ගෙනාවා
ReplyDelete