අප ජය ගනිමින් සිටින්නෙමු..!
සරසවිය යනු ඉතා මිහිරි අත්දැකීම්වලින් පිරුණු වටපිටාවක් සහිත පරිපුර්ණ මිනිසුන් බිහිකරන ස්ථානයක් බව අප කලින් අසා තිබුනත් අපට ලැබුණු සරසවියෙන් අපට ලැබුණේ කටුක අත්දැකීම් රාශියක් පමණි. පරිපුර්ණ මිනිසුන් කෙසේවෙතත් අපට අප ගෙනා යහපත් ශරීර සෞඛ්‍ය පවා මෙය හැර යන දින වන විට අපට අහිමි වෙන තත්වයේ ඉරණමකට ගොදුරු කර ඇත. එනම් මෙහිදී අපට සරසවි සිසුන් ලෙස හිමි විය යුතු සියල්ල පාලකයන් විසින් අහිමි කර ඇති අතර මෙහි අවුරුදු 4ක් වාසය කිරීමෙන් වකුගඩු රෝගය ආදී රෝග වලට ගොදුරු වීමෙන් ජීවිතය පවා අහිමි විය හැකි ආකාරයේ අවධානමකට මුහුණ පෑමට සිදුව ඇති නිසාවෙනි.
සරසවිය තුල නිදහස අහිමිය. අනිවාර්ය 80% දේශන, කෙළවරක් නැති assignments, presentation අතර හිර කර ඇත.
මිනිසෙකු පරිපුර්ණත්වයට ලඟා කරවන සංවාද විවාද සඳහා අවසර හෝ වෙලාව නැත.
පුස්තකාලයට යාමටවත් වෙලාවක් ඔවුන් සිසුන්ට දෙන්නේ නැත...
මහපොළ, ශිෂ්‍යාධාර ලෙස ලැබෙන මුදල දිනෙන් දින ඉහල යන ජිවන වියදම හමුවේ සොච්චමක් බවට පත්ව ඇත. එබැවින් මුදල් හෙවීමට නොයෙක් වෙළෙන්දන් ඉදිරියේ නොයෙක් ස්වරූප වලින් අපව විකිණීමට අපට සිදුව ඇත.
මහාචාර්යවරුන්, ප්‍රමාණවත් තරම් ආචාර්යවරුන් අපට අහිමිය.
යම් මට්ටමකට හෝ රසවත් ගුණවත් ආහාරයක්වත් හිමි නැත...
විශ්වවිද්‍යාලයකට ගැලපෙන මට්ටමේ දේශන ශාලා, විභාග ශාලා, විද්‍යාගාර, පුස්තකාල, ක්‍රීඩාගාර, ශ්‍රවනාගාර ආදී වූ කිසිඳු භෞතික සම්පතක් නැත.
අපට යන්තම් එම පෙනුම ලැබෙන පරිදි සකස් කල ගොඩනැගිලි පෙන්වා ඒවා දේශන ශාලා, විභාග ශාලා, විද්‍යාගාර, පුස්තකාල, ක්‍රීඩාගාර, ශ්‍රවනාගාර ආදී වූ නම් වලින් ඇමතීමට පුරුදු කර ඇත. තාක්ෂණ පීඨ සිසුන් බදවාගෙන වසර 2ක් ගත වුවද කිසිදු ගොඩනැගිල්ලක් හරි හැටි ඉදි කර නැත. ආදරය කිරීමට, ක්‍රීඩා කිරීමට තබා කිසිවක් ගැන සිතීමටවත් නිදහසක්, විවේකයක් ඉතිරි කර නොමැත.අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවා අහිමිය. එසේ කල විට අවුරුදු ගණන් වලට බලපැවැත්වෙන දඬුවම් වලට යටත් වීමට සිදුව තිබේ.
සියල්ල අහිමි කල අවසානයේ දැන් ඔවුන් අපට ස්වයංව අප ගැන තීරණයක් ගැනීමේ අයිතිය පවා අහිමි කර ඇත. ඒ වෙනුවට දාමරික පාලකයන්ගේ න්‍යාය පත්‍රයන්ට යටත්ව ඔවුනට අවැසි ලෙස සියලු කටයුතු සිදු කිරීමට සිදුව ඇත. මාෂල්, විනයපාලක වැනි නිළයන් හරහා සිසුන් දැඩි පීඩාකාරී වටපිටාවකට ඇද දමා ඇත.
එබැවින් ඔවුන් අපට මේ වන විට අපගේ පන කෙන්ද ඇරෙන්නට අන් සියල්ල අහිමි කර ඇත. එබැවින් තවත් අපට අහිමි වීමට දෙයක් නැත. නමුත් පාලකයන්ට අහිමි වීමට බොහෝ දේ ඇත. ඔවුන් අපගේ සියල්ල අහිමි කර ඇත්තේ ඔවුන්ට එසේ අහිමි වියහැකි දේ ආරක්ෂා කරගැනීම සඳහාය.
ඔවුනට මහජන මුදලින් නඩත්තුවන සුඛෝපභෝගී යාන වාහන ඇත.
වැරදි සමාජ ක්‍රමය විසින් බිහිකළ ව්‍යාජ සමාජ තත්වයන් ඇත.
මහජන මුදලින් ලැබෙන රට සවාරි ඇත.
මුදල් වරප්‍රසාද ඇත...
මවාගත් කීර්තිනාමයන් ඇත...
රට සවාරි, මුදල් වරප්‍රසාද සහ මවාගත් කීර්තිනාමයන් ආරක්ෂා කර ගැනීමට රජරට පරිපාලනය සිසුන්ගේ බොහෝ දේ අහිමි කරමින් ඇත. මේ මොහොත තුළත් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා ඇතුළු සිසු ක්‍රියාකාරීන් 12 දෙනෙකුට වසර එක හමාර සහ වසර දෙකේ පන්ති තහනම් පනවා ඇති අතර ඒ පිලිබදව ඔවුන්ට හාන්කවිසියක්වත් නැත. වතුර නැතිව යයි පවසිමින් සරසවිය වසා අදට දින 50කට ආසන්න වන අතර මෙම අවුරුද්දටම සරසවිය විවිධ හේතුන්ට මාස 4ක් වසා දමන ලදී.
මේ අවස්ථාව වනවිට අප රජරට සිසුන් ලෙස මෙම ක්‍රියාවලියට තිත තැබිය යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ඒ සඳහා වූ අරගලයකට පිවිස සිටින්නෙමු. උන්මත්තක පරිපාලනයට එරෙහිව එකා මෙන් එකමුතුව එක පෙළක සිටගෙන සිටින්නෙමු. අපෙන් උදුරා ගත් සියල්ල මේ වන විට එක්ව දිනා ගනිමින් සිටින්නෙමු. එම එකමුතුව හමුවේ දැන් ඔවුන්ට පරාජයේ අඳුරු සේයාවන් මැවෙමින් පවතින නිසාම වියරු වැටී ඇත. උපකුලපතිගේ ධුර කාලය අවසන් වීමට මාස 2ක් පමණක් තව ඇති නිසා තානාපතිකමක් හෝ ඇමති ලේකම් කමක් ලබා ගැනීමේ අරමුණෙන් සරසවිය අවුලෙන් අවුලට යැවීමේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව යහමින් කරන ආකාරය දැන් දැන් දැකගත හැකිය.
එනිසාම අසාධාරණ ලෙස පනවා තිබු පන්ති තහනම් 12 ඉවත් කරනවා වෙනුවට කළු කොඩි දැමීමක් හේතු කර ගනිමින් උපහාසාත්මකව තවත් පන්ති තහනම් 4ක් වසන්ත මුදලිගේ, ලහිරු මධුෂාන්, ගිහාන් චාමික සහ ධනුෂ්ක රාජපක්ෂ සහෝදරවරුන්ට පනවා ඇත.
ආචාර්ය යන නාමයට මුවා වි විනයපාලක විසින් සිදු කරන ධාමරිකකම් වලද අඩුවක් නැත. මේ සියල්ල මර්දනයේ සැලසුම්සහගත සිද්ධින්ය,
උමතුවෙන් පන්ති තහනම් දෙමින් හැසිරෙන උපකුලපතිගේ මෙවන් ක්‍රියාකලාපයන්ගෙන් අපටනම් පැහැදිලිවන්නේ ඔවුන් පරාජය වෙමින් පවතින බවය. AC කාමරයෙන් AC වාහනයටත් වාහනයෙන් කාමරයටත් මාරු වෙමින් සිට සරසවියේ ගැටලු ගැන දශමයක් නොදන්නා පරිපාලනයට ඇවසියෙන්ම මතක් කළ යුතු දෙය නම් අප සටන් කර ජය ගත හැකි බව වඩවඩාත් හොදින් දන්නා බවයි.
නමුත් ඔවුනට මෙන් අපට කලබලයක් නැත. කල් යන්නට යන්න සිදු වන්නේ ඔවුනටම අවාසියක් බවත් ඔවුන්ව සමාජය ඉදිරියේ නිරුවත් වීම වන බවත් ඔවුන්ගේ නියත පරාජයෙන් ඔවුනට වන හානියේ තරම තවත් වැඩි වන බවත් අප හොඳින්ම දනිමු. ගැටලුව විසඳුවේනම් ඔවුන්ගේ පරාජය පිළිබඳව දන්නේ ඔවුන්ම පමණි. තවත් ප්‍රමාද වීමෙන් දැන් රජරට ප්‍රදේශයේ ජනතාවද ඔවුන් පිළිබඳව දැනගන්නේය. තව තවත් ප්‍රමාද වීමෙන් කෙමෙන් කෙමෙන් මුළු රටම පරිපාලනයේ උන්මන්තක ස්වභාවය පිළිබඳව මහජන පෙත්සම් හරහා අත්පත්‍රිකා හා පෝස්ටර්, පුවත් පත්, විවිධ මාධ්‍යයන් හා විකල්ප මාධ්‍යයන් හරහා දැනුවත් වනු ඇත. තව තවත් දඬුවම් දෙන්නේනම් එයින් වනුයේ අන් කිසිවක් නොව අත්තනෝමතික මුග්ධ ක්‍රියාකලාපය සමාජය ඉදිරියේ සපථ වීම හැරෙන්නට අන් කිසිවක් නොවන බව අමන පාලකයන්ට නොතේරෙන මුත් අපට හොඳින් වැටහේ. අසාධාරණයන් සිදු කරන්නට කරන්නට සිදුවන්නේ එයට ලක්වන්නන් බිය වී අතපය හකුලා ගැනීම නොව තව තවත් සටන්කාමීව බලවේගයක් ලෙස තව තවත් ශක්තිමත්ව ඔවුන්ට එරෙහිව ඉදිරියට ඒම බව ඔප්පු වනු ඇත. මර්දනයට එරෙහිව ජයග්‍රහණය තෙක් සටන් කළ යුතුය.
සටන් වදිමු අවසන් ලේ බිදුව තුරා..
0 comments:
Post a Comment