ජනතා සුබසෙත සඳහා විවිධ
කාල සීමාවන් වලදී සම්මත කරගන්නා පනත් අතරට එන නව පනතක් ලෙස “බීජ පනත” ගැන
මේ වන විට සමාජය තුළ බොහෝ කතිකාවත් ආරම්භ වී ඇත. බැලූ බැල්මට මෙම ආණ්ඩුව
රටේ සමස්ත ජනතාව අතරින් වැඩිපුරම ආදරය කරන්නේ ගොවි පරපුර ගැන බව ඔවුන්
ක්‍රියාත්මක කරන්නට උත්සහ කරන අණ පනත් වලින් සිතනවා ඇත.
ගොවි විශ්‍රාම පනත, දිවි නැගුම පනත අතරට එක්වන අලුත්ම කතා බහක් ඇති කිරීමට සමත් පනතක් ලෙස “බීජ පනත” සඳහන් කල හැකිය. බීජ පනත යනු කුමක්ද කියා ඔබට තවමත් නිවැරදි වැටහීමක් නැතිව ඇත. හෙටවන් දවසක ඔබ නිවසේදී කෑමෙන් පසුව ඉතිරිවන අඹ ඇටය නැතිනම් දූරියන් ඇටය වෙනදා පුරුද්දට ගෙවත්තේ පැළ කළහොත් නැතිනම් නිසි බලධාරීන්ගෙන් විමසීමකින් තොරව විසිකර දමා පැළ වුවහොත් එය ඔබට සිරදඬුවම් නියම කිරීමට හැකි වරදක් බව පැවසුවහොත් ඔබට කුමක් සිතෙවිද? නමුත් සත්‍ය කාරණය නම් එයයි. ගෙන ඒමට සූදානම් වන බීජ පනතේ අන්තර්ගත කරුණු කාරණා අනුව අඩුම තරමේ ඔබට පෙර පරිදි මිතුරෙකුගේ හෝ අසල්වැසි නිවසකින් මල් අත්තක් ගෙනවිත් පැළ කිරීමේ හැකියාව නොමැත.
මෙම නව නීතිය නම්කර ඇත්තේ 2013 බීජ හා රෝපණ ද්‍රව්‍ය පනත යනුවෙනි. එමගින් දැනට පවතින නීතිය වන 2003 අංක 22 දරන බීජ පනත අහෝසි කර නව නීතියක් පනවනු ලැබේ. මෙම නීතිය ලෝකයේ වෙනත් රටවල සම්මත කරනු ලැබුවේ මීට දශකයකට පමණ පෙරය. ලෝක වෙළඳ සංවිධානයේ නිර්දේශ වලට අනුව එම නීති පනවන ලද රටවල ගොවීන්ට සිදු වූයේ ඉතා අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දීමටය.
කැනඩාවෙන් වාර්තා වූ එක්තරා සිද්ධියක් මේ පිළිබඳව වටහාගන්නට වඩාත් යෝග්‍ය වනු ඇතැයි අපි සිතමු. වරක් එම නීතිය යටතේ කැනඩාවේ ගොවියෙකු අත් අඩංගුවට ගනු ලැබීය. ඔහුට එල්ල කරන ලද චෝදනාව නීති විරෝධී ලෙස කජු බීජ නිෂ්පාදනය කිරීමයි. එම කජු ගොවියා සුළඟින් ගසා ගෙන ආ කජු බීජ උපයෝගී කරගෙන ඊළඟ කන්නයේ වගාව සඳහා බීජ නිෂ්පාදනය කර තිබිණි. නීතියට අනුව බීජ නිෂ්පාදනය කිරීමේ අයිතිය ගොවීන්ට හිමි නොවන අතර එය හිමි වනුයේ ලියාපදිංචි සමාගම් වලට පමණි. අවසානයේදී ගොවියා වරදකරු වූ අතර එකී වරදට ඔහුට සිර දඬුවම් විඳීමට සිදු වූ අතර මෙකී සිද්ධියට ලෝකයේ දැවැන්ත විරෝධතාවක් ඇති වූ නිසා නියමිත කළ දඬුවම් කාලයට ප්‍රථම ගොවියා නිදහස් කිරීමට සිදු විය. නමුත් ඉන් අනතුරුවද ලෝකයේ විවිධ රටවල ගොවීන්ට මෙකී ඛේදනීය ඉරණමට මුහුණ දීමට සිදුවිය.
ශ්‍රී ලංකාවට බල පැවැත්වෙන පරිදි නුදුරේ දී සම්මත කර ගන්නට යන මෙකී නීතිය අනුව පනතේ 1 කොටසේ 2 වගන්තිය අනුව පනත සම්මත වීමෙන් අනතුරුව පනතේ සඳහන් සීමාවලින් බැහැර කිසිදු තැනැත්තෙකුට බීජ හා රෝපණ ද්‍රව්‍ය ආනයනය අපනයනය විකිණීම සඳහා ළඟ තබා ගැනීම වානිජයමය අරමුණින් අන් පාර්ශවයන්ට සැපයීම හුවමාරුව කල නොහැක.
පනතේ 5 වන කොටසේ 2 වන වගන්තියට අනුව සියලුම බීජ හා රෝපණ ද්‍රව්‍ය හසුරවන්නන් මෙම පනත යටතේ ලියාපදිංචි විය යුතුය. 3 වන වගන්තියට අනුව එසේ ලියාපදිංචි නොවී කිසිම තැනැත්තෙකුට බීජ හසුරුවන්නෙකුට අදාළ ක්‍රියාකරකම් වල යෙදීම තහනම්ය.
බීජ හා රෝපණ ද්‍රව්‍ය හසුරුවන්නා පනත අවසානයේ නිර්වචනය කර ඇත. එයින් අදහස් වන්නේ බීජ නිපදවන්නෙකු, බීජ ආනයනකරුවෙකු, බීජ බෙදාහරින්නෙකු, සකස් කරන්නෙකු, නැවත අසුරුම්කරන්නෙකු, ගබඩා කරන්නෙකු, නියෝජිතයෙකු, තොග වෙළෙන්දෙකු, සිල්ලර වෙළෙන්දෙකු,ප්‍රවාහනකරුවෙකු, ජංගම අලෙවිකරුවෙකු, ආදී වශයෙන් ක්‍රියාකාරකම් ගණනාවක් පනතේ සඳහන්ය. මෙහි වැදගත්ම කොටස නිපදවන්නා, සකස්කරන්නා ආදී වචනයි.
සාමාන්‍යයෙන් ගොවීන් එක් කන්නයකදී අස්වැන්නෙන් ඊළඟ කන්නය සඳහා බීජ වෙන් කර ගනී.එනම් බීජ නිපදවයි.පනතට අනුව මින් ඉදිරියට එසේ කරන්නේනම් ලියාපදිංචි සමාගමක් බවට පත් විය යුතුය.ලියාපදිංචි නොවී බිත්තර වී හෝ වට්ටක්කා ඇට හෝ වෙනත් එවැනි බීජ විශේෂයක් නිෂ්පාදනය , ප්‍රවාහනය පමණක් නොව ළඟ තබා ගැනීමද තහනම්ය.බීජයක් පමණක් නොව පනතේ සඳහන් පරිදි මුල් ඇද්දවිය හැකි අතු කැබැල්ලක්ද එසේමය.
4(6) වගන්තියට අනුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා තවත් නිලධාරීන් ගණනාවකට පොලිස් බලතල ලබා දී ඇත.පනතේ 13(1) වගන්තියට අනුව ඔවුන්ට බීජ හා රෝපණ ද්‍රව්‍ය ඇතැයි සිතන ඕනෑම පරිශ්‍රයකට ඇතුලු වීමට, පරික්ෂා කිරීමට, වාහන සෝදිසි කිරීමට,භාජන විවෘත කිරීමට, ලිපි ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට අයිතිකරු විරුද්ධ වන විට බලහත්කාරයෙන් දොරගුළු විවෘත කර පරික්ෂා කිරීමට මෙන්ම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ද අයිතිය ඇත.පනතේ 20(1) වගන්තියට අනුව බීජ නිෂ්පාදනය, ප්‍රවාහනය පමණක් නොව ඒවා පරික්ෂා කිරීමේ ක්‍රියාවලියට ප්‍රතිවිරෝධ සෑම හෝ එසේ කිරීමට වෙනත් අයෙකු පෙළඹවීම ද දඬුවම් ලැබිය හැකි වරදකි.වරදකරුවන් අධිකරණයේදී මාස 1-6 දක්වා සිරදඬුවමකට හෝ රුපියල් පන්දහසට හෝ එම දඬුවම් දෙකටම බඳුන් වේ.
පනතේ 20(3) වගන්තියට අනුව ලංකාවේ අන් සියලු නීතිවලට වඩා වෙනස්ව මෙම නීතියේදී, දඬුවම් වැල් පොලී ප්‍රතිපත්තියට අනුව පැනවේ.එනම් දෙවනවර වරද කරනු ලැබූ විට දඬුවම් දෙගුණ වේ.තුන්වන වර කරනු ලැබූ විට දඬුවම තුන් ගුණයක් වේ.පනතේ 20(8) වගන්තියට අනුව එවැනි බීජ හෝ රෝපණ ද්‍රව්‍ය විනාශ කිරීමට යන වියදමද අදාල තැනැත්තා විසින් දැරිය යුතුය.පනතේ 20(3) වගන්තියෙන් කියවෙන්නේ ඉදිරියේදී ඇතැම් වැරදි සඳහා අධිකරණයට ඉදිරිපත් නොකර ස්ථානීය දඩ මුදල් අයකර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි.එනම් රථ වාහන පොලිසිය විසින් මහමග ගමන් ගන්නා වාහනවලින් දඩ මුදල් අය කරන්න මෙන්ම ගොවියන්ගෙන්ද කෘෂිකර්ම නිලධාරීන් දඩ මුදල් අය කර ගැනීමට සුදානමින් සිටී.
පනතේ 16 වන වගන්තියට අනුව පෙනී යන්නේ දඩ මුදල මිට වඩා බෙහෙවින් වැඩි වන බවයි.ඊට අනුව පරික්ෂා කිරීමේ යන්ත්‍රෝපකණ අදාල පරිශ්‍රයට ගෙන ඒමේ වියදමද අදාල පුද්ගලයා දැරිය යුතුවේ.16(4) වගන්තියට අනුව එම මුදල එම අධිකරණය විසින් ස්වකීය අධිකරණ බලය සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක කිරීමේදී පනවනු ලැබිය හැකි දඩයක ප්‍රමාණයට වඩා වැඩි වුවද එය නොතකා අය කරනු ලැබිය හැක.
මෙහි සෑම එකකටත් වඩා හොඳම සිද්ධිය වන්නේ 10(2) වගන්තියෙන් පනවා ඇති කොන්දේසීන්ය.එනම් බීජ නිෂ්පාදනයේ හුවමාරුව අනතුරුව කල හැකි වන්නේ සමාගම්වලට පමණකි.මේ යටතේ බීජ පෞද්ගලිකරණය කෙරෙන අතර පුද්ගලික සමාගම්වලට පහසුකම් සැපයීමට රාජ්‍ය ආයතනද යොදාගන්නා බවයි.මෙතෙක් වෙලා සඳහන් කල අණ පනත් කොන්දේසි විධිවිධාන සියල්ලගෙන්ම අවසානයේ සිදුකරන්නට යන්නේ මෙයයි.
බීජ නිෂ්පාදනය කිරීම හෝ මෙතෙක් කල් සිදුවූ ආකාරයට අනෙකුත් ගොවීන් සමග ඒවා හුවමාරු කරගැනීම මින් අනතුරුව ගොවීන්ට තහනම්ය.බීජ හෝ රෝපණ ද්‍රව්‍ය තමන් විසින් නිෂ්පාදනය නොකර සමාගම්වලින් මිලදී ගත යුතුය.ඒ සඳහා බේයර්, හේලීස්,මොන්සැන්ටෝ වැනි බහුජාතික සමාගම් ඉදිරිපත් වන අතර රටේ සමස්ත කෘෂිකර්මාන්තය ඔවුන් විසින් මෙහෙයවනු ඇත.
මේ වන විටත් බහුජාතික සමාගම් නමැති රකුසා දත් විලිස්සීමෙන් කෘෂිකර්මය දෙසට පැමිණෙනු පෙනේ.මේ යටතේ එදා වේලා හොයාගන්නට මහපොළවත් සමග පොර බදින අසරණ ගොවියාට සිදුවන්නට යනදේ පැහැදිලිය.ලාංකේය බහුතරයක් වූ ගොවින්ටද කැනඩාවේ කජු බීජ වගාව සිදු කල ගොවියාට වූ අත්දැකීම මෙකී පනත සවිමත් කිරීමෙන් පසුව සිදු නොවන්නේද? දැන් සිදුව ඇත්තේ විකල්ප දෙකකි.එක්කෝ එක්ව සටන් කර මෙම බීජ පනත සම්මත කර ගැනීම පරාජය කල යුතුය.නැතිනම් බහුජාතික සමාගම්වල ලාභ වෙනුවෙන් ඉඩදී සිරගත වීමට හිත හදා ගත යුතුය.
සරසවි ශිෂ්‍යයා රටේ බහුතරයක් වන සාමාන්‍ය. ජනතාවට සිදුවන ප්‍රශ්න ගැන කතාකිරීමට සෑම විටම ඉදිරිපත් වුයේ ඒ තුල ඇති බරපතලකම වටහා ගත් නිසාය.අනෙක් අතට මෙය සරසවි ශිෂ්‍යයාට බලපාන ගැටළුවක් වනු නිසාය.වත්මන් පාලක පන්තිය සුරවිමනක් මවාපාමින් ඔවුන්ගේ සුරසැප සඳහා අසරණ අහිංසක ජනතාවගේ ජිවිත දිනෙන් දිනම බිල්ලට ගනිමින් සිටී.
බීජ පනත යනු වෙනත් ආකාරයකට ගතහොත් අලුත් පෞද්ගලීකකරන යාන්ත්‍රණයකි.එය සිදුකරන්නට සුදානම් වන්නේ ගොවියාටද නොදැනෙන ලෙසටයි.නිහඬවම සිට මෙය සිදුකිරීමට ඉඩ ලබාදුනහොත් මෙහි අනිටු ප්‍රතිපල අනිවාර්යයෙන්ම අපට භුක්ති විඳීමට සිදුවනු ඇත.
අප පෞද්ගලීකරණය තුල ඔබට මවාපාන සුන්දර ලෝකය නැති බව ලිපි ගණනාවක් තුලින්ම පැහැදිලි කලෙමු.මෙකී කරුණු ගැන යලිත් වරක් සිතා බලන්නට ආරාධනා කරන්නෙමු.අධ්‍යයාපන පෞද්ගලිකකරණය කරන්නට සුදානම් විට ඊට එරෙහිව හඬක් නැගුවේ එය අපට මෙන්ම ඔබටද එක සේම බලපාන කරුණක් වනු නිසාය.මෙම ප්‍රශ්නය ගැන අපට ඇත්තේ එවැනිම මතවාදයකි.

0 comments:
Post a Comment