දේශපාලනය අපිට අකැපද?
"දේශපාලනය " යන වචනය කියූ සැනින් වර්තමනය්ර් බොහෝ දෙන තුල ජනිත වන්නේ විග්‍රහ කර ගත නොහැකි "අප්සෙට්" හැගීමකි. "අනේ අපි දේශපානයට නෑ" කීමට බොහෝ දෙන කැමතිය.facebook වැනි සමාජ වෙබ් අඩවි තුල political view එක "i hate politics " ලෙස බොහෝ දෙන සඳහන් කර තිබෙනු දක්නට ලැබේ. විශ්වවිද්‍යාල සිසුන් දේශපාලනය නොකර ඉගෙනගතයුතු යැයි සමහරක් පවසන්නේ දේශපාලනය කිරීම වැරදි ක්‍රියාවක් ලෙස ඉස්මතු කරමිනි. කරුණු කාරනා එසේ බැවින් අපට හැගී යන දෙය නම් දේශපාලනය සමාජයේ බහුතරය විසින් තම ජීවිතයෙන් ඈත් කිරීමට උත්සහා කරමින් සිටින බවයි. එසේ කල හැකිද? එසේ කල යුතුද ? මදක් විමසා බලමු.ඉතිහාසයේ එක්තරා අවධියක අප රට බත බුලතින් සරු වූ දේශයක් විනැයි ද පිටරටවලට පවා සහල් අපනයනය කල බවද සහලින් ස්වයංපෝෂිත දේශයක් වූ බැවින් "පෙරදිග ධාන්‍යාගාරය " ලෙස හැදින්විනැයි ද කියැවේ. තවත් කලෙක සිරිමාවෝ මැතිනියගේ කාලයේ රටේ මිනිසුන්ට හාල් ඇටයක් දැකීම පවා දුර්ලභ දෙයක් වූ බවද මිනිසුන් තම පිළිකන්නේ පවා කෑමට අල ,බතල,මඤ්ඤොක්කා වගා කල බවද ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට හා පරිභෝජනයට සීමා මායිම් තිබු බවද අප වැඩිහිටියන්ගේ අත්දැකීමකි. වර්තමාන මිනිසුන්ගේ ආහාර රටාවන් බැලීමේදී විවිධාකාරය. ඕනෑම රටක නිපදවන ඕනෑම කෑමක් ඕනෑම වෙලාවක ආහාරයට ගත හැකි ධනපති සුළු පිරිසක් සිටිති. තවත් කොටසක් එදිනෙදා ජිවත් වීමට ඒකාකාරී ආහාර රටාවක් පවත්වාගෙන යති. ඔවුන්ගෙන් සමහරෙක් අතේ ඇති ගානට වෙළඳපලෙන් ගත හැකි එළවළුවක් දෙකක් මිලට ගෙන එදිනෙදා වෙලා ගැටගසා ගනිති. කම්කරුවන් වැනි තවත් පිරිසක් දිනකට එක වේලක් හෝ දෙවේලක් පමණක් ආහාරයට ගැනීමට ලැබෙන "රොටියක් " වැනි දෙයකින් ජීවත් වෙති. සමහර රටවල මිනිසුන් බඩගින්නේ මිය යනවිට සමහර රටවල් ආහාර ටොන් ගණන් මුහුදට විසි කරති.
මෙසේ කලින් කලට දේශයෙන් දේශයට තැනින් තැනට මිනිසුන්ගේ "කාම පිඟාන" වෙනස් වන්නේ රටේ හා ලෝකයේ එම මොහොතේ ක්‍රියාත්මක වන දේශපාලන,ආර්ථික ක්‍රමය නිසා නොවන්නේද? රට ස්වයංපෝෂිත කලේ සන්විධනිත කෘෂි ආර්ථික ක්‍රමයකි. රටේ මිනිසුන්ට ආහාර තහංචි දමා පාලකයන් සුර සැප වින්දේ ඔවුන් ක්‍රියාත්මක කල ආර්ථික සමාජීය ප්‍රතිපත්තීන් විසිනි. වර්තමානයේ පීදිත් පන්තියේ කාම පිඟානට හෙන ගැසී ඇත්තේ පාලක,පීඩක පන්තිය විසින් ක්‍රියාත්මක කරන"ශ්‍රම සුරාකෑම" මත ඉදිරියට යන දේශපාලන ආරථික ක්‍රමය නිසාවෙනි. මෙතරම් සන්නිවේදන හා ප්‍රවාහන ක්‍රම දියුණු යැයි කියන ලෝකයේ, සෝමාලියාවේ දරුවන් කුසගින්නේ මිය යන විට ඇමෙරිකාව ආහාර තොග ගණන් මුහුදට විසි කරන්නේ ලෝක වෙළඳපොල තුල ඔවුන්ගේ අහාර සඳහා වටිනාකම ආරක්ෂා කරන්නටය. ඒ ආකාරයට අප විශ්වවිද්‍යාල සිසුන් ලෙස ආහාරයට ගන්නා "කැන්ටිමේ බත් පතට පවා " දේශපාලන බල පා නැතිද? තවදුරටත් සිතා බලන්න.
වර්තමානය වන විට ලෝක පරිමාණයෙන් ගත් කල පරිසර දූෂණය වැඩිවෙමින් පවතී. දියුණු යැයි කියනා නගරාශ්‍රිතව වාතයේ විෂ සහිත වායුන් ප්‍රතිශතය වැඩිවෙමින් පවතින අතර ඒ හේතුවෙන් මිනිසුන්ට හටගන්නා ස්වාසනාබාධ ආදී රෝග වැඩිවෙමින් පවතී. තවමත් ඉතිරී වී ඇති රක්ෂිත වනාන්තර ආශ්‍රිත මිනිසුන්ට තරමක් හොඳ වායුන් ආශ්වාස කිරීමට හැකිය. සිතා බලන්න , අපිට ජීවත් වීමට අතවශ්‍යම සාධකයක් වන "හුස්ම ගැනීමට " දේශපාලනය බල පා ඇති ආකාරය. එසේ කොටසකට විෂ වායුන් අඝ්‍රාණය කිරීමට සිදුව ඇත්තේ ලබය අරමුණු කරගත් කාර්මීකරණය නිසා නොවේද? මිනිසුනට සොබාදහමට "හෙන ගැහුනත්" ඒ පිලිබඳ නොසිතා ලාබයක් පමණක් ලැබීමේ අරමුණෙන් දිවෙන ගමනක ප්‍රතිපලයක් නිසා නොවේද? එම අරමුණ ,එම ක්‍රියාවලිය රටේ ආර්ථිකයට අදාළ නොවන්නේද? එහි දේශපාලනයක් නැතිද? මෙම දේශපාලන සංස්කෘතිය තුල අනාගතයේ සියලු දෙනා විෂ වායුන්ගෙන් තොරව "හුස්ම ගැනීමට" නොහැකි තැනකට නොපමිනේන්නේද?
මේ ආකාරයට කල්පනා කරගෙන ගිය විට පෙනී යන කරුණ වන්නේ මිනිසුන්වන අප කන බොන විදිය හා හුස්ම ආකාරයට පවා දේශපාලනය බලපාන බවයි. එලෙසම අපි මිනිසුන් ලෙස ජීවත්වීමට එදිනෙදා කරන සියලුම කරය දේශපාලනික බව වැටහී යනු ඇත. අප දෙමව්පියන් සමඟ ගත කරන කාලය ඒ සම්බන්ධතාවට දේශපාලන බලපෑම් ඇති කරයි. ආදරය කිරීම හා විවාහය දේශපාලනිකය,කලාව ,සංස්කෘතිය ,ආගම ,ඇදහීම් ආදී සියලු ඩේ ආර්ථිකය පදනම වූ දේශපාලන ක්‍රමයේ උත්ත්රාරෝපිතයන්ය. වෙනකක තබා ඕනෑම මිනිසෙකුගේ සිතිවලි රටාව පවා තීරණය වනු ලබන්නේ දේශපාලනිකවයි. සමාජයේ අර්බුදයන් කොතරම් තේරුම් කිරීමට උත්සහ කලද "ස්වාධීන රූපවාහිනිය" හා "දිනමිණ " බලන පුද්ගලයන්ට එය නොතේරෙන්නේ අප කියන ඩේ සත්‍ය යැයි නොසිතෙන්නෙත් ඔහුගේ සිතිවිලි රටාව පාලක පන්තියේ දේශපාලනය විසින් මෙහෙයවන නිසා නොවන්නේද? සියල්ලන් එක්සත් වූ සාමුහික අරගලයකින් පමණක් සමාජයේ "අප්සෙට්" එක නැති කර ගත හැකි යයිද එසේ නොමැතිව මිනිසුන්ට පැවැත්මක් නැතැයිද අප පවසන නමුත් සියලු දෙන නැසූ කන් ඇතිව බෙදී වෙන් වී තනි තනි ව ගොඩ යාමට උත්සහ දරන්නේ ඒ ආකාරයට කල හැකි යැයි ඔවුනට සිතෙන්නෙත් පාලක පන්තියේ දේශපාලන වුවමනා අනුවය.
"මිනිසා දේශපාලන සත්වයෙක් " යැයි කියන්නේද? දේශපාලනයෙන් තොර වූ මිනිසා "මල මිනියක් " යැයි කියන්නෙත් එබැවිනි. මෙහිදී අප තේරුම් ගත යුතු කරුණක් තිබේ. අපට ජීවත් වීමට අදාළ සියලු කරුණු කාරණාවන්ට දේශපාලනය අදාළ වන්නේ නම් අප විසින් සිදු කරන සෑම ක්රියවකින්ම දේශපාලන අරමුණක් තෘප්ත වෙයි යන්නයි. එබැවින් අප සිතන සෑම සිතිවිල්ලකින්ම කුමන හූ දේශපාලන අරමුණක තෘප්ත වෙයි. අධ්‍යාපනයට අදාල දේශපාලනය ගතහොත් පාලක පන්තියේ දේශපාලනය වන්නේ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීම හරහා වරප්‍රසාදයක් බවට අපත් කර ගැනීමයි. එබැවින් විශ්වවිද්‍යාල සිසුන් ලෙස අප සිතන සිතිවිලි සෑම එකකින්ම ඔය දේශපාලනික අරමුණු දෙකින් එකක තෘප්ත වේ. එනම් අධ්‍යාපන අයිතිය ඉල්ලා කරන උද්ඝෝෂණ වලට යාමට සිතීමෙන් අපගේ දේශපාලන අරමුණක් තෘප්ත වේ. පුස්තකාලයට ගොස් ලෝකය තේරුම් ගැනීමට අවශ්‍ය දැනුම සෙවීම අපගේ දේශපාලනික අවශ්‍යතාවකි. පුස්තකාලයට යාමට හෝ ක්‍රීඩා කලා කටයුතු සංවාද විවාද කිරීමට ඉඩ නොතබා පාන්දර සිට සවස වනතුරු දේශනා ශාලා වලට සිසුන් සිර කර තැබීමත් අනවශ්‍ය පීඩනයක් ගෙන දෙන mid , assignment ආදීන්ගෙන් සමන්විත අධ්‍යාපන ක්‍රමයක් තුලින් සිසුන් යාන්ත්‍රීකරණය කිරීමත් පාලක පන්තියේ දේශපාලන අවශ්‍යතාව තෘප්ත කරයි. ඔබ හිස් මුදුනින් භාර ගන්නේ නම් එසේ භාරගෙන මෙම අධ්‍යාපන ක්‍රමය තුල තනිවම ගොඩ යාමට උත්සහ දරන්නේ නම් එහිදී ඔබ කරන්නේ පාලක පන්තියේ දේශපාලනයට උදව් කිරීමය.
ජාතියේ සංවේදී ආඩම්බරකාර පියා අති උත්තම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන ආකාරයට දේශපාලනය සිසුන්ට අකැපය. ඔහු "ජාතියේ දරුවන් දේශපාලනයට ගන්න එපා " යැයි ඉල්ලයි. එම ඉල්ලීම තුල ඇති දේශපාලනය දැන් ඔබට වැටහෙනවා ඇති සිතමි. ඒ අන් කිසිවක් නිසා නොව ඔහුගේ වචන වෙනත් ආකාරයකින් පවසන්නේ නම් "ජාතියේ දරුවන්ව ඔහේ මැරෙන්න ඉඩ හරින්න හැබැයි උන්ට දැනගන්නවත් ඉඩ තියන්න එපා !" යන්නයි...
0 comments:
Post a Comment