රජරට සරසවියේ මේ වන විටත් පවතින්නේ
දැඩි අර්බුදකාරී තත්වයකි. දැනට මාස ගණනාවක සිට
ආණ්ඩුව හා පරිපාලනය විසින් අධ්‍යාපනය විකිණීමේ අරමුණින් ඊට එරෙහිව හඬ නගන
ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමේ අරමුණින් සරසවි තුල ක්‍රියාත්මක කරමින් පවතින ශිෂ්‍ය මර්දනය ඊට හේතුවයි. ආණ්ඩුවේ නිල
ප්‍රතිපත්තිය වන අධ්‍යාපනය පුර්ණ වශයෙන් වෙළඳ භාණ්ඩයක් කිරීමේ අරමුණින් මෙසේ සරසවි
සිසුන් බුරුතු පිටින් විවිධ බොරු චෝදනා නගමින් විවිධ දඬුවම් වලට ලක් කිරීම සරසවි පද්ධතිය තුලම දක්නට
ලැබෙන තත්වයයි.
ආණ්ඩුවේ එම මර්දනයේ ප්‍රතිපලයක් ලෙස
රජරට සිසුන් වන අපටද මීට මාස 7 කට පමණ පෙර
සිට විවිධ හාස්‍ය ජනක අසත්‍ය චෝදනා රාශියක් ගොනු කරමින් අවස්ථා 3 කදී පන්ති තහනම්
27ක් ලබා දීමට රජරට රූකඩ පරිපාලනය කටයුතු කළේය. පළමු පන්ති තහනමේ වරද නම් පරිපාලනය
විසින් සංවිධානය කල වැඩසටහනකට සිසු සහභාගීත්වය අඩු වීමයි. පරිපාලනයේ සංවිධාන
ශක්තියේ දුර්වලතාවය වසා ගැනීමට එම සිදුවීම සිසු නායකයින් 8 දෙනෙකු පිට පටවා
ඔවුන්ගේ පන්ති තහනම් ලදී. ඉන්පසු කෑම පැයේදී කල අධ්‍යාපනය විකිණීමට එරෙහි
උද්ඝෝශණයක් හේතුවෙන් කාර්යාලයීය රාජකාරීන්ට බාධා සිදු වුනි යැයි කියමින් පන්ති
තහනම් 13ක් ද, අධ්‍යාපනය
විකිණීමට එරෙහිව අත් පත්‍රිකාවක් බෙදීම
හේතුවෙන් තවත් වසර 5 බැගින් පන්ති තහනම් 5ක් ද ලබා දුනි. මෙම දඬුවම් සැබවින්ම බැලූ
බැල්මට පවා අසාධාරණ බව ඕනෑම අයෙකුට වැටහේ. එනම් සැබවින්ම මෙම පන්ති තහනම් වලට
හේතුව වන්නේ සිසුන් විසින් දඬුවම් පැමිණිය යුතු මට්ටමේ විනය විරෝධී ක්‍රියා සිදු
කිරීම නොව ආණ්ඩුව විසින් සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය වෙත මුදා හැර ඇති මර්ධනයේදී
රජරට සිසු බලවේගය මර්ධනය කර යටපත් කරගැනීමට දඬුවම් දීම උදෙසා ව්‍යාජ හේතු නිර්මාණය කිරීමයි.
මෙහිදී රජරට උපකුලපතිවරයා ඇතුළු පාලන
අධිකාරිය යනු නූල් රුකඩ කිහිපයක් පමණි. ඔවුන්ගේ කාර්යභාරය යනු වර්තමානයේදී ඉහලින්
එන අණ ක්‍රියාත්මක කිරීමක් පමණි. සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ උසස් අධ්‍යාපන
ඇමතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවයි. ඒ හේතුවෙන් සැබවින්ම "ඉහලින් එන අණ" නොමැතිව
රූකඩ උපකුලපතිවරයාට තමන් කැමති වුවද
සරසවිය තුල පවතින ගැටළු වලට විසඳුම් ලබා දීමට හැකියාවක් නොමැත. නමුත් එම
නොහැකියාව ප්‍රකාශ නොකරන රූකඩ උපකුලපතිවරයා මාස කිහිපයක සිට කල එකම දෙය වනුයේ
තමාගේ ගැලවීමට මාධ්‍ය හමුවේ විවිධ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් කල් මැරීම පමණි.
සරසවිය තුල ගැටළු ඇතිවී මාස කිහිපයක්
යනතුරුම ඔහු ඇතුළු පරිපාලනය සමඟ ගැටළු විසඳා ගැනීම උදෙසා කල සාකච්චා ඇතුළු ගනුදෙනු
වලදී පරිපාලනයේ අසරණකම හොඳින් වටහාගත් අපට අවබෝධ වූ කරුණක් වුයේ මෙම ගැටලුව සරසවිය
අභ්‍යන්තරයෙන් විසඳා ගත නොහැකි බවයි.
ඒ හේතුවෙන් අප සාධාරණය ඉල්ලා සරසවියෙන්
පිටත අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කලේ මේ පිළිබඳව ආණ්ඩුවට බල කිරීම උදෙසාය. එලෙස අද වන විට අප දින 122ක් තිස්සේ අඛණ්ඩව සත්‍ය
වෙනුවෙන් සටන් කරමින් සිටින්නෙමු. නමුත් තවමත් කිසිඳු ගැටලුවකට විසඳුමක් ලබා දෙනු
වෙනුවට ආණ්ඩුව "ගේම් ගසමින්" සිසු සටන් දියාරු කිරීමේ උත්සහයක යෙදී
සිටි. අද දිනයේ උපකුලපතිවරයා ලවා දිවයින පුවත්පතට ලබා දෙවා ඇති ප්‍රකාශයද එවැනි
"ගේමක්" මිස අන් කිසිවක් නොවේ.
අද (10) දිවයින පුවත්පතට උපකුලපතිවරයා
ලබා දී තිබු ප්‍රකාශය වනුයේ,"විවිධ විනය
විරෝධී ක්‍රියාවල යෙදීම හේතුවෙන් මීට මාස කීපයකට පෙර සිට පන්ති තහනමකට ලක්‌ව සිටින
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් දහ නව දෙනකු අතරින් අදාළ චෝදනා
සම්බන්ධයෙන් වරද පිළිගෙන තමා සහ ආචාර්ය මණ්‌ඩලයෙන් වැඳ ආචාර කොට සමාව ගත් සිසුන්
හත් දෙනකුට සාධාරණයක් ඉටු කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය විසින් තීරණය කොට ඇති
බවත්",
"පන්ති තහනමට ලක්‌ව සිටින ඉතිරි සිසුන්
දොළොස් දෙනාද අභියාචනා ඉදිරිපත් කළහොත් විශ්වවිද්‍යාලය මගින් අභියාචනා මණ්ඩල පත්
කොට එම අභියාචනා සලකා බලා සාධාරණයක් ඉටු කිරීමට පාලන අධිකාරිය සූදානමින් සිටින
බවත්" ය.
මෙම ප්‍රකාශයන් පිළිබඳව අපට පැවසීමට
ඇත්තේ මෙම ප්‍රකාශයන් යනු උපකුලපතිවරයා විසින් තමන්ගේ බංකොලොත්භාවය වසා ගැනීමට හා
සමාජයට සැබෑ ප්‍රශ්නය වසන් කිරීම උදෙසා සිදු කරනු ලබන අසත්‍ය ප්‍රකාශයන් බවයි.
ඇත්ත වශයෙන්ම පන්ති තහනමට ලක් වී ඇති සියලුම සිසුන් මීට මාස 7 කට පමණ පෙර මේ
වෙනුවෙන් අභියාචනා ඉදිරිපත් කර ඇත. නමුත් රූකඩ පරිපාලනයට මෙතෙක් අභියාචනා මණ්ඩල
පත් කිරීමට හෝ කිසිඳු ආකාරයක විසඳුමක් ලබා දීමට ආණ්ඩුවෙන් ඉඩක් නොලැබිණි. නමුත් මේ
වන විට තත්වය වෙනස් වී ඇත. අප ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස මෙම අසාධාරණයන්ට එරෙහිව ජාතික
වශයෙන් කල අරගලය සාධාරණ අරගලයක් බවට සමාජගත වී ඇති බැවින් දැන් ආණ්ඩුවට හා
පරිපාලනයට මඟ හැර යා නොහැකි තත්වයකට පැමිණ තිබේ. එනම් දැනටමත් ආණ්ඩුව හා පරිපාලනය
පරදවා අප ජයග්‍රාහී මාවතේ පිය නගමින් සිටින්නෙමු. එබැවින් රූකඩ උපකුලපතිවරයාගේ
මෙවන් ප්‍රකාශ යනු එම ජයග්‍රහණය දියාරු කිරීමට ගන්නා අසාර්ථක උත්සාහයන් හැරෙන්නට
වෙනත් කිසිවක් නොවන බව පැවසිය යුතුය.
අප අතින් වරදක් සිදුවුයේ නම් ඒ බව පිළිගැනීමට හෝ ඒ
පිළිබඳව සමාව ගෙන නිවැරදි වීමට අප තුල කිසිඳු පැකිලීමක් නැත. එම නිහතමානිකම සරසවි
සිසුන් ලෙස අප තුල ඇත. නමුත් අප මෙහිදී කිසිඳු වරදක් සිදු කර නොමැත. එබැවින් අපට
කිසිවෙකුට වැඳ සමාව ගැනීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැත. වරද ඇත්තේ අධ්‍යාපන අයිතිය
විකුණන්නට දත කන ආණ්ඩුවේත් ඒ වෙනුවෙන් ඕනෑම නින්දිත වැඩක් සිදු කිරීමට සුදානමින්
සිටින පරිපාලනයේත්ය. එබැවින් ඒ පිළිබඳව සමාජයෙන් සමාව ගත යුත්තේ ඔවුන්ය. එබැවින්
සාධාරණය ඉටු කරනු වෙනුවට බංකොලොත් ප්‍රකාශ සිදුකරමින් ඇඟ බේරා ගැනීමට උත්සාහයක
යෙදී සිටින රූකඩ උපකුලපතිවරයාගේ අසත්‍ය ප්‍රකාශ තරයේ හෙළා දකිමු!
සිසු සහභාගීත්වය අඩු වූයේ නම් ඒ නිසා ශිෂ්‍ය නායකයින්ගේ පන්ති තහනම් කෙරුනු බව කියන්නේ නම් එහි සැඟවුනු අරුත වනුයේ එම නායකයින් අදාල සිසුන්ට එම කාර්යය සඳහා නොපැමිනෙන ලෙස බලපෑම් කර ඇති බවට එම සිසුන්ම පැමිණිලි කර තිබීමයි.
ReplyDeleteකෑම පැයේදී හෝ වෙනත් අවස්ථාවකදී උද්ඝෝෂණය කරනා විට එමඟින් ආයතනික යහ පාලනයට බලපෑම් නොවන ලෙස සිදු නොකරයි නම් මෙවන් දෑ වැලැක්විය නොහැක.එසේම සරසවියක් තුළ ප්‍රසිද්ධියේ යම් පත්‍රිකාවක්(සරසවියට අදාල දෙයක් ගැන,නම ආදිය භාවිතා කරමින්) බෙදන්නේ නම් එයට පූර්ව අනුමැතිය ලබා නොගැනීම පසුව මෙවැනි අර්බුධ දක්වා දුර දිග යයි.
කුළු ගෙඩි පහරවල් අවශ්‍ය විය හැක,නමුත් ඒ රට කජු තැලීමට නොවේ.