Home » » හෙළුවෙන්...

හෙළුවෙන්...

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Saturday, December 14, 2013 | 10:44 PM




මානව පරිණාමනයේ මූලික අවධියේදී මිනිසා ඇඳුම් ඇඳීම සිදු කළේ නැත. නමුත් ක්‍රමිකව මිනිසාගේ ශිෂ්ටාචාරගත වීමත් සමඟම ඇඳුම යනු මිනිසාගේ ජීවිතයට එක් වූ ප්‍රධානතම අංගයක් විය.


සරළම අර්ථයෙන් ගතහොත් ඇඳුම යනු මිනිස විළි වසා ගැනීමට යොදාගන්නා දෙයකි.  නමුත් මෙය යම් යම් රට රටවල මෙන්ම ප්‍රදේශවල පවතින යම් යම් සංස්කෘතික, සමාජමය සහ ආර්ථික වෙනස්කම් සේම විශේෂයෙන් දේශපාලනික වෙනස්කම් මත අඩු වැඩි වශයෙන් වෙනස්කම් වලින් යුක්තය.

එසේ නම් එය කිසිවිටෙකත් ඇඳ සිටින  මිනිසාගේ චර්යාව පිළිබඳ සර්ව සම්පූර්ණ කැඩපතක් ලෙස භාවිතයට ගැනීම යනු ඉතා ප්‍රාථමික සිතිවිල්ලකි. විළි වසා ගැනීමට තිබෙන ඇඳුමද අද වෙළඳ භාණ්ඩයක් වීම හරහා යට ඇඳුමට පවා වෙළඳ පලේ ඇත්තේ විවිධ මෝස්තරයන්ගෙනි.


උදෙසාම වූ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයක් මේ ලොව තුළ බිහිවී ව්‍යාප්ත වී හමාරය. දිනකට සිය ගණනක් ඇඳුම් මාරු කරමින් සිය වෘත්තියේ යෙදෙන මිනිසුන් ගැන හරිහැටි අවබෝධයක් ගන්නට ලාංකීය සමාජයේ  බොහෝ දෙනාට නොහැකි වී ඇත්තේ ඇඳුම යනු මිනිසා මනින මිම්මක් නොවන බව ආසියාතික සංස්කෘතිය තුළ තාර්කික පදනමකින් තොරව එල්බ ගෙන සිටින නිසා විය හැකිය.

එසේ නම් ඇඳුමින් මිනිසෙකු බව හඳුනා ගත හැක්කේ කෙසේද?

මිනිසා කෙබඳු කෙනෙකු යන්න නිවැරදිව හඳුනාගත හැක්කේ ඔහුගේ භාවිතාව  තුලින්ය. ඔහුගේ භාවිතාව මේ සමස්ථ සමාජයට බලපාන්නේ යහපත් ආකාරයෙන්ද අයහපත් ආකාරයෙන්ද යන්න මත ඔහු මැනිය යුතුය.

සීතල දේශගුණයක් සහිත රටවල මිනිසුන් ටයි පටිය පැළඳ ගන්නේ සීතල ශරීරිය උණුසුම්ව තබා ගැනීම සඳහාය. නමුත් අපේ රටේ ටයි පැළඳ සිටින්නේ මහත්වරුය. කමිසය කලිසමට යටකර සපත්තු  දමන්නන් මහත්වරුන්ය. විලාසිතා කරන අයවලුන්ට පිස්සුය. ඔවුන් කාලකණ්ණිය. ගෙදරින් එළියට ගොස් අඩි දෙක තුනකින් කඩේ හමුවුණත් දිග කලිසම ඇඳිය යුතුය. කොට කලිසම ඇඳන් පාරේ යන්නේ රස්තියාදුකාරයන්ය. දණහිසින් උඩට සාය අඳින්නේ විසේකාරියන්ය. අම්මා තාත්තාගෙන් ගුටි නොකා හැදුනු නැහැදිච්ච කෙල්ලන්ය.

එය එසේ නම් ටයි කෝට් දැමු මහත්වරු මාර්ගඵල වලට එළඹි අයය. දෙවියන් පෙනි පෙනී සිටින තරමේ යහපත් අයය. දණහිසෙන් උඩ සාය ඇන්ද  තරුණියන්ගේ නිරුවත් දෙපා දෙස ඇහැක් ඇර නොබැලූ උදවියයි. එසේ නම් අප ටයි කෝට් ඇඳීමට පටන් ගත යුතුය. සාරි ඇඳිය යුතුය. දිග සායවල් පමණක් ඇඳිය යුතුය. අධික රස්නයේ  වුවද ඇඟ වැසෙන සේ ඇඳුම් ඇඳිය යුතුය. එවිට සියලු මිනිසුන් කෙරේ මෛත්‍රීය, කරුණාව, දයාව,අනුකම්පාව ඉබේ පහල වී මිනිසුන් මනුෂ්‍යත්වයෙන්  පිරිපුන් පිරිසක් වනු ඇත. පලිගැනීම් නැති වී යනු ඇත. අඳින්නට වත්කමක් නැති මිනිසුන් දුටු තැන රෙදි ගලවා පරිත්‍යාග  කරන්නන් බිහි වනු ඇත. ස්ත්‍රී දූෂණ යනු මේ සමාජයට අලුතින් එක් වන අයට නෑසෙන වචනයක් වනු ඇත.

රජරට විශ්වවිද්‍යාලයේ කලමනාකරණ අධ්‍යයන  පීඨයේ ආචාර්යවරුන් ලෙස හැසිරෙන ඇතැමුන් සිතා සිටින්නේ එලෙසය. නිසා කමීසයේ උඩ බොත්තම දමා පැමිණියේ නැතැයි සිසුවෙකුට විභාගය ලිවීමට එපා වෙන තුරු  බැණ වදින්නට තරම් ඔහු නූගතෙකු නොවිය යුතුය.

උඩ බොත්තම ගලවාගෙන සිටීම හරහා ශරීරයේ කොටස් නිරාවරණය වීම යනු ප්‍රශ්න පත්‍රයට  කරන නිගාවකි. විභාග සංස්කෘතියට කරන නින්දිත අපහාසයකි යන්න ඔහුගේ අදහසයි. අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විභාගයට මුහුණ දීමට ඉන් ඇති වන අපහසුතා නිසා මෙතුවක් කල් විශ්වවිද්‍යාලය තුළ විභාග අසමත් වන පිරිස බොහෝ විය හැකිය. අප ගැන නොදන්නවා වූවාට පෙර කී ආචාර්යවරයා ගැන දන්නවා විය හැකිය. නිසා අදාළ ශිෂ්‍යාට  ඔහු  බැණ වදින්නට ඇත්තේ පලිගැනීමේ චේතනාවෙන් නොව ශිෂ්‍යා සිදු කළ වරද තේරුම් කිරීමට විය හැකිය. ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු නිසා එය අනිවාර්යයෙන් එසේ විය යුතුය.



නමුත් වැරදීමකින් කලු සාරියක් ඇඳගෙන පැමිණි  ආචාර්යවරියක් සිසුන්ට සහය දැක්වීයැයි වැරදි වැටහීමකින් විශ්වවිද්‍යාලයෙන්  නෙරපීමට කටයුතු කළ උපකුලපතිවරයෙකු සිටින විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකුට මෙවැනි සිතුවිල්ලක් පහළ වීම එතරම් පුදුමයක් නොවේ.



විශ්වවිද්‍යාල වල විභාග වලට පෙනී සිටිය යුතු නිශ්චිත ආකාරයක් පිළිබඳ පනතක් ව්‍යවස්ථාවක් , ගැසට් නිවේදනයක් නොමැත. එසේ තිබේ නම් එයද වැරදි බව අප තරයේ ප්‍රකාශ කරන්නෙමු.



විශ්වවිද්‍යාල යනු කුමක්ද යන්න එය තේරුම් ගත යුතු ප්‍රධාන පාර්ශව දෙකම  අද එය අමතක කර ඇත. මෙල්ල කර ගත හැකි පුද්ගලයෙකු නිමාණය කර ගැනීමේ දේශපාලන අධිකාරියේ උවමනාවන් ටු කිරීමේ අරමුණින්ම පාලකයන් ප්‍රමුඛ   ඇතැම් ආචාර්යවරුන් ක්‍රියාත්මක වෙයි. උපසංස්කෘතිය වෙනස් නොවිය යුතුය යන අතාර්තික පදනමේ සිට ඇතැම් සිසු සිසුවියන්ද ක්‍රියාත්මක වේ. මේ මත දෙකම වෙනස් විය යුතුය. වෙනසක් කරන්න නම් වෙනස් ක්‍රියාමාර්ග ගත යුතුය. එය කරන විට සිත් රිදීම් ගැන සිතන්නට  බැරිය. තරහ වීම් ගැන සිතන්නට බැරිය. සටන් කරන්නේ කා සමඟද අදාල නැත. අදාල වන්නේ එයින් සමාජයට වන යහපත හෝ අයහපත පමණි. සටන නැවත්වීම  සිදුවිය යුත්තේ සමාජයට වන අයහපතක් ඇත්නම් පමණි.  

යහපත් නම් එය අනිවාර්යයෙන්ම කළ යුතුය. ඇඳුම කෙරෙහි ඇති අයහපත් ආකල්පය බිඳ හෙලීමට නම් සම්ප්‍රදායට  අභියෝග කිරීමට අපට සිදුවනු ඇත.

ඇඳුම මුල් කරගනිමින් විභාගයට පෙනී සිටීමට පැමිණි ශිෂ්‍යයෙකුට බැන වැදීම යනු ප්‍රාථමික මට්ටමේ දෙයකි. පාසල් වලට නිල ඇඳුමක් ඇත. එයට බලපාන හේතුද ඇත. නමුත් මෙය විශ්වවිද්‍යාලයකි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට ශිෂ්‍යාවකට නේවාසිකාගාරයේ, දේශන ශාලාවේ, පුස්තකාලයේදී පිළිපැදිය යුතු චර්යාවන් නවක අනුරූපිතා වැඩසටහනේදී ඉගැන්වූ බව අද මෙන්ම එදා විශ්වවිද්‍යාල ජීවිතය ගත නොකල පාලකයන්, නොදන්නවා විය යුතුය. මෙහි විශ්වවිද්‍යාල ජීවිතය යනුවෙන් අප අදහස් කලේ සැබෑ විශ්වවිද්‍යාල ජීවිතයයි.

සමාජයේ අගතීන්  වෙනස් විය යුගයක විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ශිෂ්‍යයකුගේ ඇඳුම සම්බන්ධයෙන් යකා නැටීම අපට කනගාටුවකි . "හරි පුදුම ස්කෝලේ" පරිවර්තන ග්‍රන්ථය කියවන්නට අප ඔබට යෝජනා කරන්නෙමු.

ඇඳුමෙන් මිනිසුන් මනින්නේ ඇඳුම් ඇඳ සිටිමින් මනුෂ්‍යත්වය ඉදිරියේ නිරුවත් වූ මිනිසුන්ය. නිසා තමාගේ හෘදසාක්ෂිය ඉදිරියට ගොස් හෙළුවෙන් ඉන්නේ කවුදැයි බලන්නට අපි ඔවුන්ට යෝජනා කරන්නෙමු.


Share this article :

5 comments:

  1. නියමයි..... සල්ලි කොළ වලට ආත්මය පාවලා දෙන කාගේ කාගේත් ඇඳුම් ගැලවිලා ඉවරයි... එත් සමාජය ඉස්සරහට ඇවිත් රඟපානවා... දන්නේ නෑ තමන් ඉන්නේ නිරුවතින් කියල... ළමයෙක්ගේ shirt එකේ උද බොත්තම දාල නම් හදන්න යන්නේ විශ්වවිද්‍යාල තුල කොඉ තරම් දේවල් වෙනවද? ඒවා නොපෙනීම සහ උද බොත්තම පෙනීම යනු බුද්ධිමත් මිනිස්සුන්ට අමු joke එකක්...

    ReplyDelete
  2. බලන් හිටපල්ලා......
    උඹලා මෝඩයෝ ටික වහ කැවා තමා

    ReplyDelete
    Replies
    1. To : Anonymous : මේ comment එකෙන් වහ කෑවා කියලා තියෙන්නේ ලමයිද? ආචාර්යවරයාද?

      Delete
    2. Hukkapalla.... oita wada hodi

      Delete
    3. Upakulapathith comment karanna aragena wage...

      Delete