සෙව්වන්දි කතා කරන්නේ දකුණ ලක බසට හුරුවෙනි.
එය අමුත්තකි. සෙව්වන්දි සුදුය. කොණ්ඩය උරහිස ලඟට කෙටි කර කපා ඇත. සෙව්වන්දි නිතරම සිටින්නේ සිරියාවන්ත සිනාවකින්
මුව සරසාගෙනය. එය අව්‍යාජ සිනාවකි. සෙව්වන්දි සිනාසෙන විට කම්මුල් වල ගැසෙන්නේදැයි මතක නැත. නමුත් ඒ සිනාව සෙව්වන්දිට
ලස්සනය.
සෙව්වන්දි වයස අවුරුදු 11 ක පුංචි දැරියකි.
සෙව්වන්දි මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවෙකි. නමුත් මේ සමාජයට අනුව, අධ්‍යාපන
ක්‍රමයට අනුව සෙව්වන්දි ශිෂ්‍යත්වය අසමත් දැරියකි.
බොහෝ මිනිසුන් අතරේ තරුණ තරුණියන් පිරිසක්
සෙව්වන්දි වට කොට ගෙන පොඩි උන් මෙන් සිනාසුනේ සෙව්වන්දි හුරතල් පුංචි දැරියක් වූ නිසාවෙනි.
සෙව්වන්දිගේ ගමේ නම හැදුනු හැටි අර තරුණ තරුණියන් කියා දෙන්නට යද්දී සෙව්වන්දි කිවේ එය පාසල් පුස්තකාලයේ
පොතක තිබු බවත් එය සොයාගෙන කියවා දැන ගන්නා බවත්ය. සෙව්වන්දි පොත් කියවන දැරියකි,
එහෙව් සෙව්වන්දි විභාගය අසමත්ය.
අසමත් වූ ශිෂ්‍යත්වය ගැන සෙව්වන්දිට වගක්
නැත. සෙව්වන්දි සේම සිනා මුසු මුහුණින් සිටින ඇගේ මවටද එය එතරම් ගානක් නැත. ගානකට ගත්තේ
නම් “ඔය හිටියට මෙයාට ශිෂ්‍යත්වය වත් පාස්
වෙන්න බැරි උනා ” යැයි කීපවරක්ම කියනු ඇත.ඇය එසේ කිවේ නැත.
සෙව්වන්දිට ශිෂ්‍යත්වයෙන් ශිෂ්‍යත්වයක් නොලැබුණේ
ඇය සමඟ ඇගේ මව ශිෂ්‍යත්වය නොකල නිසා වන්නට පුළුවන. ශිෂ්‍යත්වයට හොඳම ගුරුවරයා ලඟට ටියුෂන්
නොගිය නිසා වන්නට ඇත. අර නම තියෙන, මේ නම තියෙන ප්‍රශ්න පත්‍ර පොත සෙව්වන්දිට
ගෙනත් නොදුන් නිසා වන්නට ඇත. බොහෝ දෙනෙකුට සිතෙන, බොහෝ දෙනෙකු කියන සෙව්වන්දිගේ පරාජයට
හේතු මේවාය.
මේ රටේ සතර දිග් බාගයේ සිටින සේව්වන්දිගේම වයසේ
පුංචි දරුවන්ගේ අම්මලා දරුවන් සමඟ ශිෂ්‍යත්වය ලියුහ. ශිෂ්‍යත්වයට හොඳම ගුරුවරයා
ලඟට තම දරුවා රැගෙන ගියහ. පාසලේ සවස පන්තියටද දරුවා යැවීමට අමතක කලේ නැත. එහා ගෙදර
පොඩි එකා, මිත්‍රයාගේ පුතා, අක්කගේ දුව ශිෂ්‍යත්වය ඉහලින් සමත් විය. ඒ නිසා සෙව්වන්දිගේ
මිතුර මිතුරියන්ටද ශිෂ්‍යත්වය පාස් වීම අනිවාර්ය විය. නැත්නම් සෙව්වන්දිගේ මිතුර මිතුරියන්ගේ
අම්මලා පරාජය විය හැක. ඒ නිසා බැස්ස එකේදී දවල් ආහාරය කවාගෙන දරුවා ටියුෂන් එකකට ගාල් කලයුතුය. වැඩිම ලකුණු ලාභියාට
සතර අතින් කිර්තිය, මුදල්, තෑගී බෝග ගලා එද්දී දරුවා ගිරවකු කර හෝ ශිෂ්‍යත්වය දිනාගත
යුතුය. ඊට පාසල මදිය, “එයාගේ ළමයා ටියුෂන් දෙකකට යනවනම්, අපේ කෙනා තුනකට යා යුතුය.
” පාසලේ ගුරුවරු කිව්වෙත් එහෙමය. නැතිනම් ශිෂ්‍යත්වය අමාරු විභාගයකි.
අලි පාරට එන නිසා පාසල් යාමට නොහැකි වීම,
ගොයම් කපන කාලයට කුඹුරේ වැඩ නිසා පාසල් නොයාම, ගමේ පාසලේ ගුරු හිඟය, ඉල්ලන ඉල්ලන මුදල
දෙන්නට නොහැකි නිසා පාසල් නොයාම, නිල ඇඳුම පෙළ පොත වෙලාවට නොලැබීම, ශිෂ්‍ය්තවයට බාධාවක්
නෙවෙයි. ඒවා අදාළ නැත. ඒවාට ටියුෂන් ඇත. ශිෂ්‍යත්වය ගොඩ යාමට මුදල් තිබිය යුතුය.
නැත්නම් ශිෂ්‍යත්වයක් නැත. ශිෂ්‍යත්වය නැති
වුවහොත් නගරයේ පහසුකම් ඇති පාසලට යා නොහැකිය. එවිට වන්නේ ගමේ උරුම රස්සාව කරන්නටය.
ශිෂ්‍යත්වය එවන් බලගතු තීරණයක් ගත හැකි දෙයකි. ශිෂ්‍යත්වය නැති නම් දරුවා කාලකන්නියෙකි,
මෝඩයෙකි. ශිෂ්‍යත්වය පාස් වී නගරේ පාසලට ගියේ නම් ගෙදර ප්‍රශ්න අහවරය. රටේ ප්‍රශ්න
අහවර වී බොහෝ කල් නිසා ගැටළුවක් නැත. ශිෂ්‍යත්වයට සුදානම් වන දින වලට සෙල්ලම් බැරිය. ඒවා පසුව සලකා බැලේ.
එනමුත් ඊළගට පෝලිමේ O/L ඇත, A/L Campus ඇත. ඒ නිසා සලකා බැලීමක් නැත.
Total Recall, i Robot වැනි චිත්‍ර පටි වල මෙන්
ජාතික ධනය වය කොට රොබෝවරු නිර්මාණය කලයුතු නැත. ඒ සඳහා වෙනත් රටවලටද ශිෂ්‍යත්ව විභාගය
ප්‍රමාණවත්ය, මුලින්ම කල යුත්තේ ප්‍රථමික පාසල් වලට තිබෙන ප්‍රතිපාදන් කප්පාදු කර පාසල්
කිහිපයකට පහසුකම් ලබා දීමය. ඉන පසු ශිෂ්‍යත්වය හදුන්වාදිය යුතුය. එයට අම්මලා තාත්තලා
කැමති වනු ඇත. ළමයා ඊට දක්කනු ඇත. මුද්‍රණ දෝෂ සහිතව වුව ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයක්
දීම අපහසු නැත. ඒවා සාමන්‍ය දේවල් වනු ඇත. ඒවා සැලසුම් කා දේවල් බව දන්නෝ මේ තරගය
දැක ඇඟේ හැමතැනින්ම සිනා වෙනු ඇත. දරුවා විභාගය පාස් නම් අවුලක් නැත. දරුවා අසමත් නම්
එක අවුල්ය. අනෙකාගේ දරුවා අසමත් නම් සතුටුය. මිනිස් දරුවා ගිරවෙකු නොවීම අවුල්ය.
සෙව්වන්දි අසමත් වීම අරුමයක් නොවේ. මේ සෙව්වන්දි
ලියු ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ගලපන්නට තිබු කවියකි.
පැලයක් සිටුවා
ඵලයක් නෙලුවා
මිලකර විකුණා
සතුටක් ලැබුවා
සෙව්වන්දි එවන්නියක් නොව, සෙව්වන්දි මෙවන්නියකි,
මේ ගසේ බොහෝ
පැණි දොඩම් තිබේ
පැහිලා ඉදිලා බිමට
නැමිලා
බර වෙලා අතු...
නංගිටයි මටයි
ගෙඩි දෙකක ඇති
වැඩිය කඩන නරක
ළමයි හෙම නෙවෙයි අපි....
මේ රටේ අනාගතය සෙව්වන්දිලාය. කුඩාකලම සෙව්වන්දිලාගේ
මොළ ගෙඩි පාලකයන්ට අවශ්‍ය පරිදි නොතිබුනොත් සෙව්වන්දිලා පාලකයන්ට අභියෝගයකි. නමුත්
නෙලූ පල බෙදාගෙන සතුටු වීම නොව, විකුණා සතුටු වීමට සෙව්වන්දිලට හුරු කෙරෙති. එවිට
සෙව්වන්දිලා සෙව්වන්දිලා නොව නියගලාය.
අප මේ නින්දිත බව වත ගත යුතුය. මේ පාලන ක්‍රමය
තුල ඉතිහාසය වෙනස් කර ඇත, සොබාදහම වෙනස්
කර ඇත. පළමුවත් මම, දෙවනුවත් මම, තෙවනුවත් මම, යන්න උගන්වා ඇත. පරාර්ථය අවලංගු කර ඇත.
සෙව්වන්දිලට කියා දෙන්නේ බෙදා ගැනීම තුල නොව විකුණා මුදල් හම්බ කිරීම තුල සතුට ඇති
බවය. අපේ අම්මා කියන්නේද ඒ දේමය. තාත්තා කියන්නෙත් එකමය.
මොකටද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ?
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි
දුක සේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක් වත් කන්න ලැබේවිද?
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
තමනට නොලැබෙන දෙයකින් ලෝකෙට
කරන්නට හැකි දේ නොම තේරෙයි මට
පුදුමයි ළමයෝ ඔබේ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම එයි දොස
පෙර උන් අය සිටවූ අඹ ගස්වල
පැලයෙන් අප කවුරුත් ලබනෙමු පල
අපෙන් පසු එන අයටත් එම පල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබෝවන් මුත්තේ මම යන්නෙමි.....
මේවා සෙව්වන්දිට ඇසෙනවා ඇත. නමුත් හෙට
දවසේදී බොහෝ සෙව්වන්දිලා අඹ සිටුවන්නේ විකුණා සතුටු වන්නටය.
සෙව්වන්දි පුංචි නැගණියනි,
ඔබට ලියා ගන්නට බැරි උනේ මේ සමාජයේ නරුම ක්‍රමයේ
පිළිතුරුයි. නමුත් නුඹ මනුස්සකම වෙනුවෙන් උත්තර බඳිනු ඇත.
නුඹ අසමත් නැත...
නුඹේ අම්මා, තාත්තා අසමත් නැත...
අසමත් වුයේ තනිව දිනන්ට ගොස් ව්කීනිම සතුට ලෙස
ඉගෙනගත් උන්ය.....
සෙව්වන්දිට ශිෂ්‍යත්වය පාස් වුනාද නැද්ද යන්න වගතුවක් වත් නොතිබුනේ ඇය ජීවත් වූ සමාජය තවමත් සිටින්නේ ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනට අහු නොවුන සමාජ පසුබිමක නිසා වෙන්නට ඇත. එසේ වූවා නම් ඇයටද රත් කරපු යකඩයෙන් පිලිස්සෙන්නට ඉඩ තිබුණි, එයයි ආසියවෙ ආශ්චර්යය
ReplyDelete